සිරිලියට වාහන ලබාදීම ගැන ලෝක ආහාර වැඩසටහන පරීක්ෂනයක් අරඹයි. 2004 වසරේ දෙසැම්බර් මස ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් එම සංවිධානය විසින් මෙරටට ලබාදුන් විවිධ ව්‍යාපෘතීන් පවත්වාගෙන යෑමට එම වකවානුව තුල එම සංවිධානය විසින් ගෙන්වන ලද රථවාහන තම ව්‍යාපෘතීන් අවසන් කිරීමේ පසුව ලබාදී ඇත්තේ කාටද යන්න ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ තත්වය වසර 11 කට පසුව හදිසියේ සිදුවන්නේ පසුගියදා තංගල්ලේදී අනතුරකට භාජනය වූ අංක තහඩු නොමැති සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයක හිමිකාරීතවය ගැන ඇතිවූ ගැටළුවකිනි.
එවකට හිටපු ජනාධිපතිවරයාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂට මෙම වාහනය අයිති බව අනතුරෙන් පසුව කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙළිවිය. පසුව ඇය පුකාශ කර ඇත්තේ තමා විසින් පවත්වාගනෙ යනු ලබන සිරිලිය සංවිධානයට එම වාහන පරිත්‍යාග ලෙස ලුබුණු බවයි.
එම වාහනයේ අයිතිය පිළිබදව පැණ නැගුණු ප්‍රහ්නය හමුවේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මෙම වාහන ලෝක ආහාර වැඩසටහන මගින් සිරිලිය සංවිධානයට පරිත්‍යාග කළ බවට මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කර තිබුනි.
මෙම ගැටලුකාරී තත්වය හමුවේ ලෝක ආහාර සංවිධානයේ නම මේ සිද්ධියට සම්බන්ධ වී ඇති නිසා එම කාලවකවානුව තුල තම සංවිධානයට අයත් වාහනවලට සිදුවූයේ කුමක්ද යන්න ගැන විමර්ශණයක් කිරීම මේ අනුව ආරම්භ කර තිබේ.