ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘට ඇප දෙයි

sarath abroo

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘට ඊයේ ගල්කිස්ස අධිකරණයෙන් ඇප ලබාදුනි.

ඊයේ විනිසුරුවරයා අධිකරණයට භාරවීමනේ පසුව මෙසේ පුද්ගලික ඇප ලෙස රුපියල් ලක්ෂ 10ක මුදලක් මත ඇප ලබාදීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කොට ඇත.

මෙසේ ඇප ලබාදීමට සිදුවූයේ විනිසුරුවරයාගේ නිවසේ සේවය කළ සේවිකාවකට පහරදීම හේතුවෙන් ඔහුට එරෙහිව ඇය විසින් පොලීසියිට කරන ලද පැමිනිල්ලක් හේතුවෙනි.

මේ කරුණ හේතුවෙන් විනිසුරුවරයාව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී  විනිසුරුවරයා තමා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතාවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබුනි.

එය ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

Leave a Reply