අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දිස්ති‍්‍රක් 05කට නාමයෝජනා බාරදී ඇත.
අද උදෑසන 10.00ට පමණ ගාල්ල දිස්ති‍්‍රක්කය සදහා එහි දිස්ති‍්‍රක් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්කාර්යාලයේදී සහකාර තේරීම්භාර නිලධාරීයා වෙත සිය නාම යොජනා පත්‍රය බාරදී තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය සදහා එහි කණ්ඩායම් නායක වන සුජිත් කුරුවිට විසින් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වෙත අද උදෑසන තම නාම යෝජනා බාරදී තිබේ.
මහනුවර දිස්ති‍්‍රක්කය සදහා එහි කන්ඩායම් නායක සමන්සිරි ප්‍රනාන්දුගේ නායක්වයෙන් සිය නියෝජිත පිරිස මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත තම නාමයෝජනා බාරදී ඇත.
පොලොන්නරුව දිස්ත්‍රික් නාමයෝජනා එහි කණ්ඩායම් නායක ඉන්ද්‍රානන්ද සිල්වා ඇතුළු පිරිස විසින් අද දහවල් පොලොන්නරුව තේරීම්භාර නිලධාරී වෙත බාරදී ඇත.
මීට අමතරව තී්රකුණාමලය දිස්ති‍්‍රක්කය සදහා එහි කණ්ඩායමි නායක වන විමල් පියතිස්සගේ ප්‍රධානත්වයෙන් අද දින සිය පක්ෂයේ නාමයෝජනා මේ වන විට බාරදී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.