පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාමයෝජනා බාරදීම අදින් අවසන්

flsp-nomination-20150710-

දිස්ත්‍රික්ක පහක් සදහා ඊයේ පෙ.ස.පෙ නාමයෝජනා බාරදී තිබුණු අතර අද දින අනෙක් දිස්ත්‍රික්ක සියල්ල සදහා නාමයෝජනා බාරදීමට කටයුතු යොදා ඇතැයි එම පක්ෂයෙ මාධය ඒකකය පවසයි.

 ඒ අනුව අද උදේ 10.00ට කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පුබුදු ජයගොඩ හා රවීන්ද්‍ර  මුදලිගේ විසින් රාජගිරියේ පිහිට කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වෙත සිය නාම යෝජනා භාරදී තිබේ.

ගම්පහ චමීර කොස්වත්ගේ නායකත්වයෙන් අද උදේ ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වෙත සිය නාම යෝජනා භාරදී ඇත.

කළුතර දිස්ත්‍රික් නාමයෝජනා බාරදීමේ කටයුතු සදහා එම දිස්ත්‍රික්  කණ්ඩායම් නායක දුමින්ද නාගමුව අද උදෑසන 10.00ට පමණ කළුතර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී වෙත සිය නාමයෝජනා බාරදී තිබේ.

 අම්පාර දිස්ත්‍රික් නාමයෝජනා බාරදී ඇත්තේ එම දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජයන්ත රන්දෙනිය විසිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා එහි කණ්ඩායම් නායක ප්‍රියන්ත කළුආරච්චි විසින් අද උදේ සිය නාමයෝජනා බාරදී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ නාමයෝජනා එහි කණ්ඩායම් නායක ධර්මලිංගම් කිරුබාහරන් විසින් අද උදේ10.00ට සිය නාමයෝජනා බාරදී ඇත.

යාපනය දිස්ත්‍රික් නාමයෝජනා එහි දිස්ත්‍රික් නායක ජූඩ් ක්‍රිෂාන්ත සිල්වා පුල්ලේ විසින් අද සවස 1.00ට සිය නාමයෝජනා බාරදීමට කටයුතු යොදා ඇති බවයි.

වන්නි දිස්ත්‍රික්කය සදහා එහි කණ්‍ඩායම් නායක කපිලන් චන්ද්‍රකුමාර් විසින් සිය නාමයෝජනා බාරදී ඇති බවයි.

මාතර දිස්ත්‍රික් නාමයෝජනා එහි කණ්ඩායම් නායක නිමන්ත ඈපා විසින් අද සවස සිය නාමයෝජනා බාරදීමට නියමිත බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් නාමයෝජනා එහි කණ්ඩායම් නායක ගොඩගේ සීවලී විසින් අද උදේ 10.00ට පමණ බාරදී  ඇත.

මාතලේ දිස්ත්‍රික් නාමයෝජනා සදහා එහි කණ්ඩායම් නායක එච්.එම්. ධර්මදාස සිය නාමයෝජනා අද උදේ මාතලේ තේරීම්භාර නිළධාරී වෙත බාරදී ඇත.

පුත්තලම දිස්ත්‍රික්කය සදහා සිය කණ්ඩායම් නායක ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් සිය නාමයෝජනා අද උදෑසන 10.00ට බාරදී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා එහි කණ්ඩායම් නායක චමින්ද ප්‍රියලාල් විසින් සිය පක්ෂයේ නාමයෝජනා  අද උදේ 10.00ට එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වෙත බාරදී ඇති බවයි.

මොනරාගල නාමයෝජනා එම දිස්ත්‍රික් කණ්ඩායම්  නායක විමල් වස්තුහේවා විසින් අද සවස බාරදීමට නියමිතව  ඇතැයි  එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.