මහින්දගේ ආණ්ඩුවත් පිළිගත් නිසා අපිත් සයිටම් උපාධිය පිළිගත්තා – මහාමාර්ග ඇමැති කිරිඇල්ල

ආණ්ඩුව විසින් සයිටම් ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිලිගත් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.අභියාචනා අදිකරණය විසින් දුන් තීන්දුව පිළිබද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ ජනවාරි 31 වැනිදාය.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා මෙම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කරමින් “සයිටම් උපාධිය පිළිගෙන තිබුණා පහුගිය ආණ්ඩුවෙන්. අපිත් ඒක පිළිගත්තා.“ යනුවෙන් පවසා ඇත.
එසේම ඔහු සයිටම් උපාධිය පිලිබද ප්‍රශ්නය අධිකරණයට ගෙන යාම පිලිබද සදහන් කරමින් “විදේශ රටවලින් ඉගෙන ගෙන අරං එන තුට්ටු දෙකේ වෛද්‍ය උපාධි වෛද්‍ය සභාව පිලිගන්නවා“ යනුවෙන්ද පැවසීය.
“විශ්වවිද්‍යාලවලට 40% යන්නෙ ප‍්‍රතිපල අරං අනෙක් ඔක්කොම යන්නෙ පස්සා දොරෙන්. යනුවෙන් අධයාපන ඇමැතිවැයා විසින් වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබද සාවද්‍ය අපහාසාත්මක ප‍්‍රකාශයක්ද සිදු කර ඇත.

තමන් විසින් මුදලට උපාධි පිරිනමන වෙනත් ආයතනවලට අනුමැතිය ලබාදීමට සයිටම් නඩුතීන්දුව අවසන් වනතුරු බලා සිටි බවද ඔහු පවසා ඇත.
“සමහරක් රට යනවා ඒ නිසා ඒ අයට ලංකාවෙ ඉගෙන ගන්න අපි ශක්තිය ධෛර්ය ලබා දුන්නා. මං උසස් උසස් අධ්‍යාපන ඇමැති කාලෙ සයිටම් වගේ විශ්ව විද්‍යාල 5ක් ඇතිකරන්න සයිටම් නඩු තීන්දුව දිහා බල බලා හිටියෙ. දැන් අපි මනිපාල් එක්ක අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා කලූතර ප‍්‍රදේශයේ ඉඩමකුත් වෙන්කරලා දැනටමත් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.“
කැබිනට් පත්‍රිකාවක් ජනවාරි 27 වැනිදා ඉදිරිපත් කර තිබුණු මනිපාල් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධව ඔහු පවසා තිබුණේ “මනිපාල් එකට වගේම තව කීප දෙනෙක් ඉල්ලා තියෙනවා. තවම තීරණයක් අරගෙන නෑ. මනිපාල් එකට එකගයි. “ යනුවෙනි.

Leave a Reply