විශ්වවිද්‍යාල තුළ නවකවධ සිදුවීම් සොයා බලා වහාම පියවර ගන්නටත් එවැනි අමානුෂික සිදුවීම් සිදුනොවන්නට විශේෂ අවධානයක් සහිතව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත උපදෙස් දී ඇත.
පසුගිය දා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ කෘෂී පීඨ සිසුන් පිරිසක් වධයට ලක්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත. මෙවැනි නවකවධ සිදුවීම් ව්‍යාප්තවීම වැලැක්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමග එක්ව ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව වාර්තා විය. නවකවධය වැලැක්වීමට දැනටමත් ක්‍රියාත්මක වන නීති තදින් බලාත්මක කිරිමට කටයුතු කරන ලෙසද එහිදී පොලිසිය සක්‍රියව මැදිහත්වීමට වගබලාගන්නා ලෙසද එහිදී අවධාරනය කරනු ලැබ තිබේ.
කෙසේවෙතත්, පොලිසිය මැදිහත් කිරිමෙන් හා පවතින මර්දන නීති මගින් නවකවධය මැඩලීමට කටයුතු කිරීම ශිෂ්‍ය ක්‍රියාකාරින්ගේ විරෝධයට හේතු වී ඇත. මීට පෙරාතුව විශ්ව විද්‍යාලවල නවක වධය වැලැක්වීමට යැයි පවසමින් සම්මත කළ පනතක් තිබෙන අතර එයින් නවකවධය වැලැක්වීමට කිසිදු හරයාත්මක කටයුතු සිදුව නැති බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් චෝදනා කරයි. නිදසුනක් ලෙස ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය තුල මෙම නව පනත ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇත්තේ සරසවි ශිෂ්‍ය ශිෂයාවන්ට සම්බන්ධ අවමංගල්‍ය උත්සවයක් පිළීබදවවත් ප්‍රචාරය කිරීම අහෝසි කිරිමය. නිර්මාණ පුවරු, බිත්ති පුවත්පත් වැනි අදහස් ප්‍රකාශ කිරිමේ මාධ්‍ය පවා විශ්ව විධයාල පාලකයන් විසින් තහනම් කරන ලද තත්වයක් තිබිණි. පසුකාලිනව එම මර්දනකාරි තත්වය ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයෙන්ම වෙනස් කළද අදටත් නවකවධය වැලැක්වීමට වඩා ශිෂ්‍ය ක්‍රියාකාරින් මර්දනය සිදුවන්නේ එකී පනතට අනුව බව ශිෂ්‍ය සංගම් චෝදනා කරයි. විශ්ව විද්‍යාල තුළ ඇති වෙමින් පවතින අමානුෂික තත්වයන් වෙනස් කළ හැක්කේ පවතින සරසවි ආශ්‍රිතව භෞතික පහසුකම් හා මානව සබදතා වර්ධනය කිරිමෙන් බව ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති. නවකයන් සමග සබදතා ඇතිකරගැනීමේ දිශාවෙන් මිස එම බේදය පුලුල් කරන මර්දනකාරී හා බලහත්කාරී මැදිහත්වීම් විසින් විශ්ව විද්‍යාල පද්ධතිය නැවත වියවුලට ඇද දැමීමට පාලකයන් කටයුතු නොකළ යුතු බවද ඔවුන්ගේ අදහසයි.