බැදුම්කර කොමිෂන් සාක්ෂී විභාග නිරීක්ෂනයට චූදිතයන්ගේ නීතිඥයන් ඇවිත්!

මහබැංකු බැදුම්කර මිලදී ගැනීමේදී ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්‘ සමාගම විසින් වංචනික මැදිහත්වීමක් සිදුකර ඇති බවට වන චෝදනා විභාගකිරිමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතු තාවකාලිකව නවතා දමන්නට එම කොමිසම හදිසියේ තීරණය කර තිබේ.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නීතීඥයන් දෙදෙනෙකු සාක්ෂි විමසීම් නිරික්ෂනයට පැමිණ සිටීම හේතුවෙන් මෙලෙස සාක්ෂි විමසීමේ කටයුතු  සුළු වේලාවකට නතර කෙරිණි. අද (22) දෙවන දිනටත් සිද්ධියට අදාළ සාක්ෂි විමසිම් කටයුතු ආරම්භ කෙරිණී. ඊයේ මෙන්ම අද දිනයේ ද සාක්ෂි විමසීමේ කටයුතු සඳහා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොමිසම වෙත පැමිණ සිටියේය.

සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එහි කටයුතු විනාඩි  10කට නතර කිරීමට කොමිසම  පියවර ගෙන ඇත්තේ ඒ පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහාය.

Leave a Reply