එක්සත් ජනපද කොංග්‍රස් සභිකයෝ සුභ පැතුම් ගෙන පැමිණෙති!

එක්සත් ජනපදය හා ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා සවිමත් කිරීමේ අරමුන ඇතිව දිවයිනට පැමිණ සිටින එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල නියෝජිත පිරිසක් අද (22) ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන හමුවූහ.

පීටර් රොස්කම්, ඩේවිඩ් ප්‍රයිස්, ජෙරල්ඩ් ඊ කොනලි, ඒඩ්‍රියන් ස්මිත් යන රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ කොංග්‍රස් සභිකයන් මෙසේ පැමිණ සිටී. ජනාධිපතිවරයා ඔවුන් සමග අදහස් දක්වමින් දෙරට අතර සබදතා පුලුල් කරගැනීමේ ක්‍රියාදාමයට සිය පූරන් සහයෝගය මෙන්ම හවුල් ආන්ඩුවේ උපරිම කැපවීම ප්‍රකාශ කර සිටියේය. විශේෂයෙන්ම ආර්ථික සබදතා සවිමත් කරගනිමින් ලංකාවේ ආයෝජනය සදහා එක්සත් ජනපද ව්‍යාපාර ගෙන්වාගැනීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර සිටියේය.

එක්සත් ජනපද වයවස්තාදායකයේ නියෝජ්‍ය සභාපති පීටර් රොස්කම් අදහස් පළ කරමින් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව දෙවසරකට පෙර ආරම්භ කල දේශපාලන ප්‍රතිසංස්කරන පිලිබද සතුට පළ කළේය. ආර්ථික සංවර්ධනය සදහා ලංකාවේ ආණ්ඩුව ගෙනයන පිලිවෙත්වලට සහයෝගය පළ කරන බවද එම නියෝජිත පිරිස දන්වා සිටියහ.

Leave a Reply