මෙරට සිදුකරන චීන ව්‍යාපෘති ගනනාවකට මහජන විරෝධතා නිසා පසුබෑමක් ඇතිව තිබෙන බැවින් ඒ පිළිබද තත්වය සාකච්ඡා කිරීමේ අරමුණින් චීන නියෝජිත කන්ඩායමක් ආණ්ඩුවේ බලධාරින් සමග සාකච්ඡා කිරිමට දිවයිනට පැමිණ සිටී.
හම්බන්තොට වරායේ 80%ක් හිමිකම් චීනයට පැවරිමේ ක්‍රියාදාමය හා ඉඩම් අක්කර 15000 දිගුකාලීන බදු පදනමින් පැවරීම සම්බන්ද කටයුතු අදිකරණය හමුවට යාම නිසා ප්‍රමාද වෙමින් තිබේ. මෙම නියෝජිත පිරිසේ අරමුණ එම ව්‍යාපෘති පිලිබද සාකච්චා කිරිම බව විශ්වාස කෙරේ.
චීනයේ විදේශ කටයුතු නියෝජය ඇමැතිගේ මූලිකත්වයෙන් පැමින සිටින මෙම නියෝජිත කණ්ඩායම විදේශ ඇමැති මංගල සමරවිර සාකච්ඡා කර ඇති අතර ඉදිරි කාලයේදී චීනයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙරට සංචාරයක් සදහා පැමිණීමට නියමිත බවද වාර්තා වේ. අගමැති රනිල් වික්රමසිහං විසින් චීනයේ කල සංචාරය අතරතුර චීන අගමැතිවරයාට ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී.

