අධ්‍යාපනය හා සෞඛ්‍ය විකුණන සේල්ස් රෙප්ලා කාලෝගෙන් පළිගැනීමේ උත්සාහයක!

අධිකරණය විසින් ලබා දී ඇති නියෝගය අනුව සයිටම් වෛද්‍ය උපාධිය පිලි නොගැනීම නිසා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් පලිගැනීමට ආණ්ඩුවේ සිටින ඇතැම් දේශපාලකයන් සැලසුම් කරන තත්වයක් මතුවෙමින් තිබේ.

ආණ්ඩුවේ ආර්ථික පිළීවෙත අනුමත කරමින් 2017 අයවැය තුළින් ගෙන ආ අධයාපනය හා සෞඛ්‍ය සේවා පෞද්ගලිකකරණය කිරිමේ ක්‍රියදාමයේ අලෙවි නියෝජිතයන් බවට පත්ව සිටින ඇමැතිවරු, සිවිල් සංවිධාන ක්‍රියාකාරින් විසින් සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නේ එම ආයතනය නීත්‍යනුකූලව ආරක්ෂා කරගැනීමේ ආණ්ඩුවේ පිළීවෙත ඉදිරියට ගෙනයාම සහතික කිරීමට බව පැහැදිළී වේ.

සයිටම් පුහුණුව ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරන ලෙස පසුගිය ජනවාරි 31 අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළීනොගෙන එයට විරුද්ධව ශ්‍රේෂ්ටාදිකරණයට යාමෙන් ඔහු අධිකරණයට අපහාස කරණ බව එස්.බී. දිසානායක ඇමැතිවරයා චෝදනා කරයි. තවදුරටත් සයිටම් ආයතනයෙන් පිරිනමන උපාධිය නොතකා කටයුතු කරන්නේ නම් ඔහුට එම තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව ඇමති එස්.බී දිසානායක පවසයි. ඔහු මෙසේද ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය විසින් වාර්තාකර තිබිණී.

‘දැන් කාලෝ ෆොන්සේකාගේ වයසත් හරිනේ. ඔහුට ඉල්ලා අස්වෙන්න පුළුවන්. අධිකරණ තීන්දු එක්ක එහෙම සෙල්ලම් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් උපාධිය ලියාපදිංචි කරන්න කියලා එය කළ යුතුයි. නැත්නම් එයාට තනතුරේ ඉන්න බැහැ. රටේ නීතිය ඒකයි. අධිකරණයට අපහාස කිරීම දඩුවම් ලැබිය යුතු වරදක්’

මේ අතර ආණ්ඩුවට සහයෝගය දෙන සමන් රත්නප්‍රිය, ගාමිනි වියන්ගොඩ වැනි සිවිල් ක්‍රියාකාරකයන් පිරිසක්ද එස්.බී. දිසානායකගේම අඩි පාරේ යමින් කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයා කෙරෙහි ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කර තිබේ.

“සයිටම් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් කාලෝ ෆොන්සේකා මහතා වහාම වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් විය යුතු යැයි ද එසේ නොවන්නේ නම් සෞඛ්‍ය ඇමැති ධූරයේ බලතල පාවිච්චි කරන්නට රාජිත සේනාරත්න මහතා කටයුතු කළ යුතු යැයි ද වෘත්තිය සමිති නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය  පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කාලෝ ෆොන්සේකා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයට පත් කළේ  සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිට යැයි ද ඊට අදාළ තොරතුරු සියල්ල තම සංවිධානය සතු යැයි ද එහි සමන් රත්නප්‍රිය කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.

Leave a Reply