தமிழ்
English
Contact
Saturday 26th August 2017    
මාධ්‍යවේදියාට පහරදුන්නාට නාවික හමුදාපතිට සේවා දිගුවක්? « Lanka Views | Views of the truth

මාධ්‍යවේදියාට පහරදුන්නාට නාවික හමුදාපතිට සේවා දිගුවක්?



හම්බන්තොට වරාය සේවක විරෝධතාවයේදී මාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාස හයක සේවා දිගුවක් ලබා දි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන අන්දමට මෙම සේවා දිගුව අද(22) සිට බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු වේ. දැනට නාවික හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වුවද ඔහුගේ සේවා කාලය අවසන්ව තිබේ. ඔහුගේ සේවය දීර්ඝ කිරීමෙන් ඉදිරියට පැමිණීමට සිටින නිලදාරින් නොසතුටට පත්ව සිටින බවද වාර්තා වේ. එසේම නාවික හමුදාවට අපකීර්තියක් අත්කරදුන් පහරදීම සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ පහර කෑ මාධයවේදියාට යුක්තිය ඉටුකිරිමක් ආන්ඩුවෙන් සිදුකර නැත. ඒ වෙනුවට නාවික හමුදාපතිට විරුද්ධව තංගල්ල පොලිස් අධිකාරි කාර්යාලයට මාධ්‍යවේදියා ඉදිරිපත් කළ පැමිීණිල්ල පවා විවිධ බලපෑම් සිදුකර ඉවත්කරවා තිබිණී. මෙම තත්වය යටතේ විජේගුනරත්නට සේවා දිගුවක් දුන්නේ ඔහු විසින් මාධ්‍යවේදියකුට පහරදීම නිසාදැයි ජනමාධ්‍යවේදින් අතර සැකයක් ඇතිව තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන  රවින්ද්‍ර විජේගුණරත්න 1980 වසරේ නොවැම්බර් 01 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත.