විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුබසාධන හා අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය මූලික අයිතිවාසිකම් කඩිනමින් සකස් කර දෙන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊයේ (22) දහවල් විශ්වවිද්‍යාල සනාතන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
දිගින් දිගටම ශීෂ්‍යයන්ගේ සිසු සුභ සාධන කටයුතු අඩපණ වී ඇති තත්වය නිසා සිසුන්ගේ මූලික අයිතීන් රැසක් උල්ලංඝනය වී ඇතැයි විරෝධතාවට එක්වෙමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසීය. ශිෂ්‍ය නියෝජිතයන් පවසන්නේ පාලකයන්ට මෙම අඩුපාඩු පිළීබද සිසුන් විසින් පෙන්වා දීමට සිදුව ඇති තත්වය හමුවේ එයද නොසලකා හරිමින් දිගු කාලයක් අඩුපාඩු එකතු වෙමින් තවදුරටත් තත්වය ඉවසා සිටිය නොහැකි මට්ටමට පැමින ඇති බවයි. විශ්ව විද්‍යාල ශිෂ්‍ය බදවා ගැනීම් ඉහළ දැමිය යුතුව තිබියදී නේවාසිකාගාර පහසුකම් පුළුල් වී නොමැති අතර සිසුන් තිදෙනෙකුට පහසුකම් සහිත නේවාසිකාගාර කාමරවල ඇත්තවශයෙන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වාසය කරන්නට සිදුව ඇත. ශිෂ්‍ය නේසිකාගාරවල පහසුකම් පුළුල් කිරීමට බලධාරීන් කටයුතු නොකරන බව කී ශිෂ්‍ය සංගම් සභාපතිවරයා ඇතැම් අවශ්‍යතා සදහා මුදල් අවශ්‍ය බව දක්වමින් මුදල් අයකරගන්නා නමුත් පහසුකම් සපයා නැති බවද පෙන්වා දුන්නේය.