මෙවර අයවැයෙන් තේ සහ රබර් ගොවියන්ගේ පොහොර සහනාධාරය උදුරා ගැනීමට එරෙහිව ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් ආණ්ඩුවේ මෙම කොල්ලකාරී කි‍්‍රයාමාර්ගයට එරෙහිව ජනතාව සංවිධානය කිරීමට දිවයිනේ ප‍්‍රදේශ රැසක ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති පව එම පක්ෂ පවසයි.
පහත ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ කෑගල්ල දිස්තී‍්‍රක්කයේ තල්දුව නගරයේදී පසුගිය දෙසැ. 16 වන දින ජනතාව දැනුවත්කරන වැඩ සටහනකි.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නියෝජිතයෙකු අප සමග පැවසුවේ ඉදිරි දින කිහිපයේදී කෑගල්ල දිස්තී‍්‍රක්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය ආදී ප‍්‍රදේශවලත් මෙම වැඩසටහන සංවිධානය කරන බවයි.





