චමල් මුලින් බෑ කියයි, පසුව හා කියයි

chamal-rajapakse

කතානායක චමල් රාපක්ෂ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම මුලදී ප‍්‍රතික්ෂේප කර තිබුනි.

එයට හේතු ලෙස මාධ්‍ය වාර්තා කර තිබුනේ ඉදිරි දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීමට තමා තීරණය කර ඇතැයි යන්නයි.

පසුව සිය දේශපාලන කටයුතු ගැන තිස්සමහරාම ආසනයේ සාමාජිකයින් සමග පැවැත්වූ හමුවකින් පසුව, සිය ආධාරකරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා තවදුරටත්  සිය දේශපාලන කටයුතුවල  නියැලෙන බවත් එහිදී පුකාශ කර තිබේ.

මෙම පාක්ෂක හමුව සදහා අජිත් රාජක්ෂ, වී.කේ.ඉනිදික, ඩීවී. උපුල් යන අයද සම්බන්දවී සිිටිය මුත් මහින්ද අමරවීර හා නිරුපමා රාජපක්ෂ සහභාගී නැත.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් සිය නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

Leave a Reply