කෘත්‍රිම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය ප්‍රශ්නයක් වේ!

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් කෘත්‍රීම කඩදාසි යොදාගනිමින් මුද්‍රණය කරවා ඇති පෙළපොත් පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරවනු ඇතැයි සැක මතු වී ඇත.

කිසිදු පූර්ව පරික්ෂාවකින් තොරව රුපියල් කෝටි පහළොවක් වැය කර ලක්‌ෂ පහක් වියදම් කරමින් හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇතදැනගන්නට ඇති ආකාරයට මේ වන විටත් ඇතැම් පාසල් හරහා එම පෙළපොත් ලක්‌ෂ ගණනක් සිසුන් වෙත බෙදා හැර තිබේ.

ජාතික ප්‍රමිති හා තාක්‌ෂණ ආයතනය පෙන්වා දෙන්නේ පෞද්ගලික මුද්‍රණාලයකින් මුද්‍රණය කළ මෙම පෙළපොත දරුවන්ගේ පරිහරණය සඳහා කඩදාසි නිර්දේශ කළ නොහැකි බවයි.  එමගින් පෙන්වා දෙන්නේ එම පොත් මුද්‍රනය කළ කෘත්‍රිම කඩදාසියේ ඇති අන්තර්ගත ඇතැම් රසායනික සංයෝග ළමයින්ගේ ශාරීරික ආබාදයන්ට හේු වියහැකි බවයි. කුඩා දරුවන්ගේ ඇස, සම වැනි අතිශය වැදගත් හා සංවේදී ඉන්ද්‍රියයන්ට එම රසායනික බලපෑම් උපද්‍රවකාරී වන බවද එම ආයතනය විසින් නිකුත්කළ වාර්තාවල සඳහන්ව ඇත. එපමණක් නොව කෘත්‍රිිම කඩදාසිවල අඩංගු ඇතැම් සංයෝග පෙනහලුවලට, අක්‌මාවට සහ ස්‌නායු පද්ධතියට විෂ විය හැකි යෑයිද එම වාර්තාව පෙන්වා දෙයි.

Leave a Reply