தமிழ்
English
Contact
Tuesday 3rd October 2017    
රාජිත සේනාරත්න නිළ කටයුතු වලින් GMOA ඉවත් කරයි « Lanka Views | Views of the truth

රාජිත සේනාරත්න නිළ කටයුතු වලින් GMOA ඉවත් කරයි



අද(07) දින කොළඹදී පැවැත්වෙන වෛද්‍යවරුන් සඳහා වූ සීමාවාසික පත්වීම් පිරිනැමීමේ උත්සවයට රජයේ වෛද්‍ය නිලාධාරීන්ගේ සංගමයට ආරාධනා නොකිරීම සම්බන්දව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක්‍රියාකලාපය විවේචනාත්මකව චෝදනා කර ඇත. සම්ප්‍රදායිකව මෙම උත්සවය සඳහා සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති සඳහා නිළ වශයෙන් අරධාන කරන බවත් තම සංගමය සමඟ පවතින එදිරිවාදිකම් හේතුවෙන් මෙවැනි ක්‍රියාවල සෞඛ්‍ය අමාත්‍යවරයා නිරත වීම පිළිකුල් සහගත බවත් ඔවුන් පෙන්වා දී ඇත.

සිය සංගමය පවත්නා අපදා තත්වය තුළ වෛද්‍ය කඳවුරු 500කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එවන් ක්‍රියාවන් කිසිවක් කර ගැනීමට නොහැකි වූ බවත් ඒ වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට පවා පටහැනිව අපදා කළමනාකරණ ප්‍රධානියා ලෙස කිරි පිටි සමාගමක ප්‍රධානියෙකු පත් කර ගැනීම තුලින් ඔහුගේ නොහික්මුණු කම පෙන්නුම් කරන බවද මෙම නිවේදනයේ දක්වා ඇත.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.

 

2017/06/07

මාධ්‍ය නිවේදනය

අද දින පැවැත්වෙන සීමාවාසික පත්වීම් ප්‍රධානය හා සෞඛ්‍ය ඇමතිතුමාගේ ක්‍රියාකලාපය

වෛද්‍යවරුන් සඳහා සීමාවාසික පත්වීම් පිරි නැමීමේ උත්සවය අද දින කොළඹදී පැවැත්වීමට නියමිතය. පත්වීම් ප්‍රදාන උත්සව වලට නිළ වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ වෘත්තීය සමිති වලට ආරාධනා කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රධානතම වෘත්තීය සංගමය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අද දින පැවැත්වෙන පත්වීම් ප්‍රදාන උත්සවය සඳහා ආරාධනා කර නැත. මෙය සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයට දක්වන පෞද්ගලික එදිරිවාදිකම් තම නිළ කටයුතු සඳහා අදාළ කරගත් පිළිකුල් සහගත අවස්ථාවකි.

දැනට උද්ගතව ඇති අපදා තත්වය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමය මේ වන විට අපාදාවට ලක්වුවන් සඳහා වෛද්‍ය කඳවුරු 500 කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා එක් කන්දවුරක්වත් සංවිධානය කර ගැනීමට අපොහොසත් වී ඇත. ඒ වෙනුවට සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ ප්‍රමුඛ කාර්යයක් ලෙස මෙම අපදා අවස්ථාවේදී කිරි පිටි සමාගමක ප්‍රධානියෙකු අපදා කළමනාකරණ ප්‍රධානියා ලෙස පත් කර ගෙන ඇත. මෙසේ ලෝක සෞඛ්‍ය සංගමයේ නිර්ණායක පවා නොතකමින් සෞඛ්‍ය අමාත්‍යවරයා නොහික්මුණු ආකාරයකින් හැසිරෙන ආකාරයක් පෙන්නුම් කරයි. මේ පිළිබඳ සියළු තතු අප සංගමයක් ලෙස අතිගරු ජානදිපතිතුමට දැනුම් දීමට කටයුතු කර ඇත.

ස්තූතියි

වෛද්‍ය නවීන් ද සොයිසා

ලේකම්




Related News