ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් පස් දෙනෙකු මියයති
Posted on 06.07.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ මන්ඩ්සාර්හි පැවති ගොවි විරෝධතාවයකට වෙඩි තැබීමෙන් ගොවියන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින කිහිපයක සිට මධ්‍ය ප්‍රදේශයේ ගොවියන් විශාල පිරිසක් සිය වගා ණය වහාම කපා හරින ලෙසත්, තම අස්වනු වලට සාධාරණ මිලක් ඉල්ලා උද්ළෙඝෝණ ව්‍යාපාරයක් දින කිහිපයක සිට පවත්වාගෙන යයි. මෙම විරෝධතා ව්‍යාපාරය අතර තුර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති අතර එම ප්‍රහාරයන්ගෙන් උද්ඝෝෂණයේ නිරතව සිටි ගොවියන් පස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම වෙඩි තැබීම පිළිබදව ගොවියන් චෝදනා කරනු ලබන්නේ ප්‍රාන්ත පොලීසිය විසින් තමන්ට වෙඩි තැබීම සිදුකළ බවයි. නමුත් එම චෝදනාව මධ්‍ය ප්‍රදේශ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් නොකළ බව ඔහු පවසා ඇති අතර නාදුනන කණ්ඩායමක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
මෙම විරෝධතා උද්ඝෝෂණය දින හතරක් තිස්සේ පැවැතිනි. ඊට අමතරව මධ්‍ය ප්‍රදේශය ප්‍රාන්තය පුරා තවත් උද්ඝෝෂණ කිහිපයක්ද මෙම උද්ඝෝෂණයට සහාය පළකරමින් පවත්වා ඇතැයි වාර්තාවේ.
ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙම ගොවියන් ඝාතනය හෙළා දැක තිබේ.
Related News