தமிழ்
English
Contact
Tuesday 3rd October 2017    
අරලියගහ මැදුරේ වියදම මිලියන 1167යි « Lanka Views | Views of the truth

අරලියගහ මැදුරේ වියදම මිලියන 1167යි



ගතවූ 2016 වසරේ අරලියගහ මන්දිරයේ නඩත්තු වියදම රුපියල් මිලියන 1167ක් බව වාර්ථා වේ. එනම් ආග්‍රමාත්‍ය කාර්යාලීය වියදම් ඇතුළුව පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් මිලියන 762ක්ද ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 415ක්ද වැය කර ඇත.

තවද නුවරඑලිය සහ බෙන්තොට පිහිටි අග්‍රාමාත්‍ය නිළ නිවාස අලුත් වැඩියාවට රුපියල් මිලියන 76ක්ද, සංහිදියා යාන්ත්‍රණ ලේකම් කාර්යාලීය වියදම් සඳහා රුපියල් මිලියන 68ක්ද, අග්‍රාමාත්‍ය ආරක්ෂාව සඳහා ගිලන්රථයක් සහ වහාන රැගෙන යන රථ දෙකක් වෙනුවෙන් රුපියල් මිලියන 34ක්ද අග්‍රාමාත්‍ය මෙහෙයුම් කාර්යාලයට අවශ්‍ය උපකරණ මිළදී ගැනීමට රුපියල් මිලියන 10ක්ද 2016 වසරේ වියදම් කර ඇත.




Related News