தமிழ்
English
Contact
Wednesday 4th October 2017    
තේ කර්මාන්තයට මිලියන 600ක පාඩුවක් « Lanka Views | Views of the truth

තේ කර්මාන්තයට මිලියන 600ක පාඩුවක්



දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම් නිසා තේ වගාවට දැවැන්ත හානියක් සිදුවී ඇති බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ පවසයි. මෙම හානිය හේතුවෙන් අවම වශයෙන් රුපියල් මිලියන 600ක පාඩුවක් සිදුව ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යසනකාරී තත්වය හේතුවෙන් තේ කර්මාන්ත ශාලා 14කට පූර්ණ හානි සිදුවී ඇති අතර තවත් කර්මාන්ත ශාලා 12කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත.

මෙය සෘජුවම තේ අපනයන ක්‍රියාවලියට බලපෑම් කරනු ලබන බවද කොමසාරිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.




Related News