ඉන්දීය මරුති සුසුකි කම්හලේ සේවය කරන අතරතුර මර්දනයට ලක් වූ කම්කරුවන් වහා නිදහස් කරන ලෙස බල කරමින් අද දින (21) සමාජවාදි සමානතා පක්ෂය විසින් හැටන් නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.
ඉකුත් මාර්තු 18දා ඉන්දියාවේ උසාවියකදී මර්දනය සඳහා මරුති සුසුකි කම්හලේ වෘත්තීය අරගලයට සම්බන්ධ වූ දහතුන් දෙනෙකු ජීවිතාන්තය දක්වා ද, හතර දෙනෙකු වසර පහ බැගින් ද දාහතර දෙනෙකු වසර තුන බැගින් ද අසාධාරණ ලෙස සිර ගත කරන ලදී.