බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ පරිගණක ඇණහිටී

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගෝලීය පරිගණක ජාලයේ ඇතිව තිබෙන හදිසි බිද වැටීමක් හේතුවෙන් හීතෘ හා ගැටිවික් යන ගුවන් තෙටුපළවල ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇති බව වාර්තාවේ.

එම ගුවන් තොටුපළවලට පැමිණෙන වෙනත් ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා එංගලන්තයේ වෙනත් ගුවන් තොටුපලවලට හරවා යැවීමට එරට ගුවන්සේවා බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටී.

අති අන්ත නිවාඩු දිනයක් වන සෙනසුරාදා ලක්ෂ ගණනක් ගුවන් මගීන් මෙම ගුවන් ගමන් ඇණහිටීම හේතුවෙන් ගුවන් තොටුපලවල රැදීසිටින බව විදස් මාධ්‍ය වාර්තා කරයි.

වහාම පරිගණක පද්ධති යථාතත්වයට පත්කිරීමේ ප්‍රයත්නයක් දියත් කර ඇතිබව ගුවන්සේවා බලධාරීන් පවසා සිටියත් විගසින් යථාතත්වයට පත්කිරීමේ හැකියාවක් ලැබී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා ගුවන් මගීන් බොහෝ දෙනෙකු හිතෘෘ ගුවන් තොටුපල සිය ගුවන් ගමන් සදහා භාවිතා කරනු ලබන අතර එය යුරෝපයේ කාර්යය බහුලම ගුවන් තොටුපල ලෙසද සැළකේ.

මෙම පරිගණක දෝෂයට හේතුව සයිබර් ප්‍රහාරයක් දැයි යන සැකය පැන නැගෙන අතර මීට දින කිහිපයකට පෙර එවැනි ප්‍රහාරයක් හේතුවෙන් එංගලන්තයේ පරිගණක ජාල කිහිපයක්ම අක්‍රීය විය.

Leave a Reply