ඉතාලියේ සිසිලි දූපතේ පැවැති ජී7 සමුළුවට විරෝධය පළකළ උද්ඝෝෂකයින්ට කදුළු ගෑස් ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට ඉතාලි ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලියේ හ යුරෝපය තුල ක්‍රියාත්මක වන විවිධ වාමාංශික දේශපාලන පක්ෂ, මානව හිමිකම් ක්‍රියාකාරීන් හා පරිසර සංවිධාන හා දේශපාලන විගාමිකයින් ඇතුළු දහස් ගණනක පිරිසක් මෙවර සිසිලි දූපතේ පැවැති ජී 7 සමුළුවේ රාජ්‍ය නායකයිගේ හමුවට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුනි.
විරෝධතා කරුවන් මෙහිදී ප්‍රකාශකර තිබුනේ ලොව බලවත් ධනවාදී රටවල පාලකයිගේ යුදවාදී ලෝක දෘෂ්ටිය හා ධනවාදී විෂම ආර්ථික දැක්මට විරෝධය පෑමට තමන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන බවයි.

ඊයේ ජී 7 සමුළුවේ අවසන් දිනයේදී මෙම විරෝධතාකරුවන් කාර්මික රටවල් මූලිකව සිදුකරන පරිසර විනාශය හා ලොව පුරා අතිකරනු ලබන යුද්ධ විසින් ඇතිව තිබෙන සරණාගත ප්‍රශ්නයට වගකිවයුත්තන් බවට හඩ නගමින් උද්ඝෝෂණය කර ඇත.
ඊයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපරය සමුළුව පැවැති ටාඕමිනා නගරයේ සමුළුව පැවැත්වෙන ස්ථානයට ආසන්නයට ගමන් කරමින් සිටියදී එරට පොලීසිය හා ආරක්ෂක අංශ විසින් උද්ඝෝෂකයින් වෙත බැටන් ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එලල් කරමින් උද්ඝෝෂකයින් විසුරුවා හැරීම්ට කටයුතු කර ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.


