தமிழ்
English
Contact
Sunday 8th October 2017    
අයහපත් කාලගුණයෙන් 122ක් ජීවිතක්ෂයට, තවත් 99ක් අතුරුදන්! « Lanka Views | Views of the truth

අයහපත් කාලගුණයෙන් 122ක් ජීවිතක්ෂයට, තවත් 99ක් අතුරුදන්!



ලංකාවට බලපා ඇති දැඩි වර්ෂාධික කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 122 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 99 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ජනතාව අවතැන් වී ඇත. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුර, කෑගල්ල, ගම්පහ, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිවු, වවුනියා සහ කොළඹ දිස්ත්‍රික්ක මෙම ව්‍යසනකාරී තත්වයට ගොදුරු වී ඇත.

ගංවතුර, නායයෑම් සහ අධික සුළග හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත. මේ වන විට ආපදාවෙන් අවතැන්ව සිටින මුළු ගණන 493,455කි. පවුල් 52,503 කට අයත් පුදගලයන් 200,382ක් පීඩාවට පත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 12,007 දෙනෙකු  තාවකාලික කඳවුරුවල ජීවත් වේ.




Related News