අය-වැය දෙවනවර ඡන්ද විමසීම අද

bujet 2016

අටවන පාර්ලිමේන්තුවේ පළමු අයවැය දෙවන වර කියවීමේ අවස්ථාව අද සිදුවේ. ඒ සදහා ඡන්දය විමසීම පැවැත්වීමට නියමිත තිබේ. එජාප හා ශ්‍රීලනිප හවුල් ආණ්ඩවේ ප්‍රථම අයවැය ලේඛනය වන මෙය සම්මත කර ගැනීමට එම පක්ෂ දෙකම ප්‍රබල උත්සායක් ගනු ලබන බව පෙනීගොස් ඇත. ඊට අමතරව හවුල් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන අනෙකුත් පක්ෂද අයවැයට පක්ෂව සිය ඡන්දය ලබා දෙනු ඇතැයි සැකේ.

මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම විසින් ගොඩනගා ගෙන ඇති ඒකාබද්ධ විපක්ෂය අද අයවැයට විරුද්ධව සිය ඡන්දය ලබාදෙන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව මහින්ද හිතවාදීන් සිය අය වැය කතාවන් තුලදී ජනාධිපතිවරයාගේ පූර්ණ අවබෝධයෙන් තොරව මේ අයවැය ඉදිරිපත් කිරීමට එජාපය කටයුතු කර ඇති බවට වන චෝදනාවද නගා තිබුනි.

කෙසේ වෙතත් මේ වන තෙක් මහින්දවාදී පිලේ සිටි කිහිපදෙනෙකුද හවුල් ආණ්ඩුවේ මංගල අයවැයට පක්ෂව සිය ඡන්දය ලබා දෙන බවටද ආණ්ඩු පක්ෂයේ තොරතුර අනුව හෙළිව තිබේ.

අද දින හා අයවැය අවසන් ඡන්ද විමසීමේදී ආණ්ඩුවට සහාය ලබා දෙමින් සිය ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද හා වරදාන හා ප්‍රධානයන්ද ලබාදීමට නියමිතව ඇතියිද වාර්තාවේ.

Leave a Reply