අතුරුදන් කිරීම් ගැන විමර්ශන වෙනුවට ආණ්ඩුවෙන් ‘නුදුටු සහතික’

lalith

අතුරුදන් වී සිටින පුද්ගලයින් වෙනුවෙන් ‘‘අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතික’’ (නුදුටු සහතිකය) නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එසේ අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත එම සහතික නිකුත් කෙරෙන අතර කැබිනට් ආරංචි මාර්ග පවසන්නේ අතුරුදන් වූ පුද්ගලයා සතු දේපළ සහ වත්කම් තාවකාලිකව කළමනාකරණය කිරීමට හා දරුවන් වෙනුවෙන් තාවකාලික භාරකාරීත්වයක් ලබාගැනීමට මෙමගින් හැකිවන බවයි.

එමෙන්ම සමාජ සුබසාධන වැඩසටහන් හරහා හිමිවන ප‍්‍රතිලාභ සඳහා අයදුම් කිරීමට මෙන්ම අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් අදාළ බලධාරීන් ඉදිරියේ එකී ඥාතියාට පෙනී සිටීමට ද මෙමගින් අවස්ථාව සැලසෙන බවද ඔවුන් පවසයි.

ලංකාවේ අතුරුදන්වීම් 25,000ක් පමණ සිදුව ඇති බවට පුද්ගලයින් අතුරුදන්වීම පරීක්ෂා කිරීමේ මැක්ස්වෙල් පරණගම කොමිසමට පැමිණිලි ලැබී තිබිණි. අතුරුදන් කිරීම් සම්බන්ධ විධිමත් විමර්ශන දියත් කර සත්‍යය හෙළි කරන ලෙසද, අදාළ වගකිවයුත්තන් හට දඬුවම් ලබා දෙන ලෙසද කාලයක් තිස්සේ ජනතා ඉල්ලීමක් තිබුනද ආණ්ඩුව ඒ සඳහා ප්‍රමාණවත් පියවරක් ගෙන නැත.

Leave a Reply