මහ මැතිවරණයට එජාපය තනියම

UNP-Logo

එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමටත්, මහ මැතිවරණයට පෙරාතුව පක්ෂ සම්මේලනයක් පැවැත්වීමත් ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ගනු ලැබූ තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් එම පක්ෂයේ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළහ.

තවද නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබාදීමටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මේවන විට කතා බහට ලක්ව ඇති මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවන් ඉදිරි දින කිහිපය තුළ ඉල්ලා අස්කරගනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ලක්මන් කිරිඇල්ල සහ අකිල විරාජ් කියා සිටිති.

Leave a Reply