‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම රුහුණ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව එම බලමණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කරන්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම හා වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ගෙන ගිය අරගලයේ දී දිවි පිදූ සුවහසක් ශිෂ්‍ය වීරයින් හා වීරවරියන් පිළිබදව මතකය අවදි කිරීම මෙම සමරුවේ අරමුණ බවයි.
අදාල සැමරුම හෙට (20) දින සවස 3.00ට රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී ආරම්භ කිරීමට නියමිතය අතර මීට සමගාමීව ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ධ ප‍්‍රදර්ශනයක් හා සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතය.
