‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය’ නම් සංවිධානයක ‘ජාතික සමුළුව’ ලෙස හැදින්වූ උත්සවයක් ඊයේ (20) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙම සංවිධානයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නයි. මෙම සංවිධානය හා එම සංවිධානයට අදාල ඉහත කී උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ ඡන්ද ව්‍යාපාරය සදහා බව එම උත්සවයට සහභාගී වූ බොහෝ දෙනා පවසති. මෙහි ප්‍රධාන දේශනය හා බොහෝ අංග චතුර සේනාරත්න විසින් සිදුකරන ලදී.
මේ සදහා සහභාගී වූ බොහෝ දෙනා සදහා කෑම, බීම, හා ප්‍රවාහන පහසුකම් නොමීලේ සපයා තිබුණි. උත්සවයට පැමිණෙන බොහෝ දෙනාට පවසා තිබුණේ ජනාධිපතිවරයා උත්සවයට සහභාගී වන බව වුවත් ඔහු මේ සදහා සහභාගී නොවීම විශේෂයක් විය.
මෙහි තිබෙන බැරෑරුම් කාරණය වන්නේ මෙම උත්සවය සදහා පිරිස ගෙන්වා තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වීමයි. තවද මේ සදහා සහභාගී වන අය දැනුවත් කර තිබුණේ ධීවර සම්මේලනයක් පවත්වන බවටයි. සහභාගී වන අයට තමන්ගේ ප්‍රශ්න ගැටළු රැගෙන එන ලෙසටත් ජනාධිපතිවරයා මැදිහත් වී ඒවාට පිළිතුරු ලබාදෙන බවටත් දැනුවත් කර තිබුණි.
මෙහිදී සහභාගී වූවන් සදහා ෆෝරමයක් ලබාදී තිබූ අතර පෞද්ගලික තොරතුරු එහි සටහන් කළ යුතු විය.
අදාල ෆෝරමය


