දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස අදාළ නඩුව අද (19) දින කැඳවූ අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති බවත් ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට තීරණය කර ඇති බවත්ය.
එබැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු සැකකරුවන් ජූලි 03 දින දක්වා රක්ෂ්ත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.