2015 ශිෂ්‍ය වීර දිනය හරසරින් අවසන් (Photos)

Student-Heros-Day-20150620-01

‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම ඊයේ (20) දින රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම හා වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ගෙන ගිය අරගලයේ දී දිවි පිදූ සුවහසක් ශිෂ්‍ය වීරයින් හා වීරවරියන් පිළිබදව මතකය අවදි කිරීම මෙම සමරුවේ අරමුණ විය.

මෙම සැමරුමේ ප්‍රධාන දේශනය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික විසින් පවත්වන ලද අතර මීට සමගාමීව ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ධ ප‍්‍රදර්ශනයක් හා සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්විණි.

Student-Heros-Day-20150620-02Student-Heros-Day-20150620-05Student-Heros-Day-20150620-08Student-Heros-Day-20150620-09Student-Heros-Day-20150620-10Student-Heros-Day-20150620-03Student-Heros-Day-20150620-06Student-Heros-Day-20150620-07   Student-Heros-Day-20150620-04

 

Leave a Reply