එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකළ ඇප පෙත්සම ලබන 03 දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට පොදු දේපළ පනත යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ෂනාගාරගත කරනු ලැබීය.
එම නියෝගය අවලංගු කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් අදාළ ඇප අයදුම්පත මහාධිකරණයට ඉදිරිපත්කර තිබෙන අතර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ ඔහු රෝගී තත්වයෙන් පෙළෙන බැවින් ඇප මත මුදාහරින ලෙසයි.
මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට දැනුම්දෙන ලෙස මෙහිදී කොළඹ මහාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබේ.
පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 03වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් මහාධිකරණය එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ඇප ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.