භික්ෂු අන්තරේ කැදවුම්කරු හිමියන් අත්අඩංගුවට-Update
Posted on 06.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු හිමියන් මීට මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් රෝහල් වාට්ටුවට පැමිණීමෙන් පසුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ලබන(ජූලි) මස 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇය විසින් නියම කර ඇත. පොලිස් පහර දීම හේතුවෙන් රෝගී තත්වයේ පසුවන කැදවුම්කරු හිමියන් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ පොලිස් භාරය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.
———————————–
භික්ෂු අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමට සැරසේ
–
ඊයේ(21) දින ආණ්ඩුව විසින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා SAITM විරෝධතාවයට එල්ලකළ ම්ලේච්ඡ පහර දීම හේතුවෙන් කොළඹ ජාතික රෝහාලේ ප්‍රතිකාර ලබමින් සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල් වාට්ටුවට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම පහර දීම හේතුවෙන් කැදවුම්කරු හිමියන්ගේ හිසට බරපතල තුවල සහ තැලීම් සිදු වී ඇති අතර වෛද්‍ය උපදෙස් මත මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
ආණ්ඩුව SAITM ගැටළුව මඟහරිමින් සිසු නායකයින් දඩයම් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව දක්නට ලැබේ.
ආශ්‍රිත පුවත්