මීතොටමුල්ල කසළ කන්ද විනාශයේ ඇත්ත මරණ සංඛ්‍යාව 42ක්
Posted on 06.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉකුත් අපේ‍්‍රල් මාසයේදී එම කුණු කන්දෙහි කොටසක් නාය යෑමෙන් පුද්ගලයන් 42 දෙනකු මරණයට පත්වූ බව එම පුද්ගලයන්ගේ මරණ සහතික හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් විය.
තම සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව මීතොටමුල්ල ප‍්‍රදේශවාසීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම තොරතුරු අනාවරණය විය.
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ දීරඝ කාලයක සිට නිසි ක‍්‍රමවේදයකින් තොරව කුණු බැහැර කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස එම මරණ සිදුව ඇති බවයි.
කෙසේවෙතත්, කොළඹ මහ නගර සභාව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මින් පසු කොළඹ නගරයේ කැළිකසල කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයට බැහැර නොකරන බවය. මීතොටමුල්ල කුණු ඉදිරියේදී බැහැර නොකරන බවද එම මහ නගර සභාව අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් හමුවේ කැඳවිණි