මන්ත්‍රිවරියක් ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තු සභාවේ මව්කිරි දෙයි!
Posted on 06.23.2017 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ලැරිසා වෝටර්ස් නමැති ඕස්ට්‍ර්ලියාවේ ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු සභාවරයේ සහභාගි වෙමින් තම මාස 2ක් වයසැති දියණියට කිරි පෙවීම දෙස් විදෙස් ජනමාධ්‍ය රැසක් විසින් ආන්දෝලනාත්මක ලෙස වාර්තා කෙරිණී.
“තව තවත් කාන්තාවන් සහ මාපියන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු” යැයි ලැරිසා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණී. “අපට පවුලේ සාමාජිකයන්ට හිතවත් පරිසරයක් තිබෙන සේවා ස්ථාන අවශ්‍යයි. නම්‍යශීලි සේවා ස්ථාන අවශ්‍යයි. තමන්ගේ දරුවන් රැගෙන හා හැකි සේවා ස්ථාන අවශ්‍යයි” ඇය තවදුරටත් සඳහන් කර තිබිණි.
ලංකාවේ ඇතැම් පුවත්පත් මෙම කිරි පෙවීමේ අවස්ථාව සේයාරුවක් ද සහිතව පළ කර තිබිණි. එරට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමක් සඳහා ලැරිසා වෝටර්ස් තම මාස 2ක් වයසැති දියණියද සමඟ පැමිණියාය.
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ මෙතෙක් තිබූ තත්වයන් වෙනස් කරමින්, පාර්ලිමේන්තු සාමාජිකයන්ට අතදරුවන්ට කිරී දීම ආදි අත්‍යවශ්‍ය මානුෂික කාරණා වලට ඉඩදෙන පරිදි නීති වෙනස් කරන ලදී. කෙසේවෙතත් ලැරිසා විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගය එම නීතිය හඳුන්වාදුන් පසු පළමු සිදුවීම ලෙස සැළකේ. ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී තම දෙමස් වියැති ආලියා ජෝයි දියණියට මව්කිරි දුන්නේ ජූනි 9 වැනිදාය. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දුන් පළමුවැන්නා පත්වූවාය. ඇය ඕස්ට්‍රේලියාවේ වාමාංශික ‘හරිත’ පක්ෂය නියෝජනය කරන අතර මීට පෙර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදී එවැනි සිදුවීමක් වාර්තා වී නැත. ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පසුගිය වසරේදී සභාව තුළ මව්කිරි දීම අනුමත කළේය.
එසේ සිදුවීමට පසුබිම් වූ පුවතක්ද ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. 2009 වසරේ සාරා හැන්සන් නමැති මන්ත්‍රිවරිය සිය දියණිය උත්තර මන්ත්‍රී මන්ඩල සැසියට ගෙන ඒම සම්බන්ධයෙන් ‘ආගන්තුකයෙක්‘ රැගෙන ආ බවට දෝෂාරෝපණය කර ඉවත යවනු ලැබුවාය. ඉන්පසුව 2015 වසරේදී ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ අමාත්‍යවරියක වූ කෙලි ඕ ඩ්වයර් තම බිළිඳාට මවුකිරී දීමට සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමට නොහැකි විය. ඒ අනුව ඇති වූ විවාදයකින් පසුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියන්ට තම බිළිඳන්ට මව්කිරි හෝ ආහාර දීම අනුමත කරමින් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව පසුගිය වසරේදී නව පනතක් සම්මත කරගත්තේය.

කෙලී ඕ‘ඩ්වයර් – 2015 වසරේදී මාතෘත්වය නිසා දුෂ්කරතාවට පත් ඇමතිවරිය

සාරා හැන්සන් යන්ග් – 2009 වසරේදී මාතෘත්වය නිසා ඉවත යවන ලද මන්ත්‍රිවරිය

ලැරිසා තැබූ ෆේස්බුක් සටහන
Related News