අන්තරේ කැදවුම්කරු ලබන 05 දක්වා රිමාන්ඩ්-Update
Posted on 06.23.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අද(23) දින අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහ තවත් සිසු ක්‍රියාකාරීකයෙකු වූ මොරටුව සරසවියේ ෆයිසාන් අහමඩ් යන අය ලබන මස(ජුලි) 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇති බව වාර්තා වේ.
අන්තරේ කැදවුම්කරු සහ තවත් සිසු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අද(23) දින මරදාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මීට මොහොතකට පෙර මරදාන CSR ශාලාවේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පැවසේ.
මේ වන විට ආණ්ඩුව SAITM ආයතනය රැකගැනීම වෙනුවෙන් ඊට එරෙහිවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්නදය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පැහැදිලිව දක්නට ලැබේ.
ආශ්රිත පුවත්