පිටිපස්සෙ නෙවෙයි ඉන්නෙ ඉස්සරහින්, ඒත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නෑ – ජ.වි.පෙ.
Posted on 06.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා විමුක්ති පෙරමුණ සයිටම් ආයතනයට විරුද්ධ නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට විරුද්ධ නැති බව සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසයි. එසේම සයිටම් විරෝධී අරගලය පිටුපස දේශපාලන බලවේගයක් ඇති බව ජනාධිපතිවරයා කීවත් ඔහු කීවේ පිටුපසින් නොව, ජ.වි.පෙ. ඉදිරියෙන් ඉන්න බවයි.
පසුගිය 21 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය අත්පත් කරගෙන විරෝධතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ විවාදයට එක් වෙමින් ජ.වි.පෙ. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපන ඇමතිවරයා විවාදයට එක් වෙමින් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අවමන් සහගත ලෙස කතා කළ ආකාරයට විරෝධය පළ කරන ශිෂ්‍යයන්ට සළකන ආකාරය ගැන සිතාගත හැකි බවද ඔහු කීය. විරෝධයට එක්වූ ශිෂ්‍යයන් යකඩ පොලු රැගෙන ආ බව කීවද එය නොපිළිගන්නා බව කී හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පොලු අරගෙන එන දවස වැඩි ඈතක නොවන බවද කීය. තවද ශිෂ්‍යයන් සයිටම් ආයතනයට එරෙහිව කරන අරගලයට යාමේ අවස්ථාවක් ලැබේ නම් තමන් ද ඊට සහභාගිවන බව කී මන්ත්‍රීවරයා තම පක්ෂය සයිටම් අහෝසි කරන ලෙස කීවද ඇක්වයිනාස්, ස්ලිට් වැනි වෙනත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීමට යෝජනා නොකරන බවද කීය.
කෙසේවෙතත් පසුගිය වසර කිහිපයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව ශිෂය ව්‍යාපාරය නායකත්වය දුන් අරගලයට සම්බන්ධ නොවී ආණ්ඩුවට වක්‍ර ලෙස සහයෝගය දෙන පිළිවෙතක සිටියේය. උසස් ජාතික කළමනාකරණ ශිෂ්‍යයන්ගේ විරෝධතාවකට පන්න පන්නා පහර දෙන කාලයේද හවුල් ආණ්ඩුවේ මෙහෙයුම් ආයතනයක් වූ ජාතික විධායක සභාවේ ජ.වි.පෙ. නායකයා සිටි බව නොරහසකි. පසුගිය මැතිවරණ වේදිකාවල පවා ජ.වි.පෙ. ප්‍රසිද්ධියේ කීවේද හදුන්නෙත්ති මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවේදී පිළිගත් ලෙස අධ්‍යාපන පෞද්ගලිකකරණයට තමන් විරුද්ධ නැති බවයි.
Related News