தமிழ்
English
Contact
Thursday 7th December 2017    
6.28% කීවද 11% බස් ගාස්තු ඉහළ දැමීමක් ! « Lanka Views | Views of the truth

6.28% කීවද 11% බස් ගාස්තු ඉහළ දැමීමක් !



වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ වැඩි වූ බස් ගාස්තු වැඩි කළේ 6.28% කින් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද මූලික ගාස්තුව සංශෝධනය රුපියල බැගින් වැඩිකර 11% ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇත.

අවම ගාස්තුව ලෙස පැවති රු. 9.00 රු. 10.00 දක්වාත් ඊට අමතරව රු.12ක්ව තිබූ බස් ගාස්තුව 13 දක්වාත්, රු. 16 බස් ගාස්තුව රු.17 දක්වාත්, රු.20 බස් ගාස්තුව රු. 21 දක්වාත් රු.16 බස් ගාස්තුව රු. 17 දක්වාත්, රු.20 බස් ගාස්තුව රු.21 දක්වාත් ඉහළ නැංවෙනු ඇත. කෙසේවෙතත් අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නැංවෙයි.

ඉහළ නංවා ඇති අධිවේගී මාර්ගවල බස් ගාස්තු –  (රු.)

මහරගම – ගාල්ල රුපියල් 410.00

මහරගම – මාතර 500.00

කඩුවෙල – මාතර 520.00

කොළඹ – මාතර 530.00

කඩුවෙල – ගාල්ල 430.00

කඩවත – මාතර 540.00

කඩවත – ගාල්ල 440.00