ජවිපෙ හා මුකො හවුල් කරගෙන රනිල් 20 කඩාකප්පල් කරනවා

athuraliye-rathana

ජනතා විමුක්‌ති පෙරමුණ සහ මුස්‌ලිම් කොංග්‍රසය හවුල් කර ගනිමින් 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසූහ.

එහිමියන් මෙම අදහස්‌ පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (23 වැනිදා) පැවති “සිවුරු සහ සුළං” ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට එක්‌වෙමිනි.

මෙහිදී එහිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ හොඳ නූල් සූත්තරකාරයකු බවත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට අගමැතිවරයා ගන්නා මෙම වෑයම පරාජය කිරීමට ක්‍රියා කරන බවත්ය.

Leave a Reply