පැරිසිය 2024 ඔලිම්පික් උළෙලට සැරසේ

olimpic paris

පසුගිය අවස්ථා තුනකදීම ප්‍රංශයට ඔලිම්පික් උළෙලක් ලබාගැනීමට උත්සාහ ගත්තත් එම අවස්ථාවන් ඔවුන්ට අහිමිවීය.

මේ හේතුවෙන් 2024 වසරේ ඔලිම්ලික් උළෙල පැරීසියේ පැවැත්වීමට ප්‍රංශය සුදානම්වේ. ඔලිම්පික් උළෙලක් පැවත්වීම සදහා අවශ්‍ය කරන මූලික සුදුසුකම වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට තම අපේතෂකත්වය බාරදීමට ප්‍රංශය මේවන විට සියලු කටයුතු සූදානම්කර ඇති බව නිවේදනය කර තිබේ.

ප්‍රංශ ඔලිම්පික් කමිටුව විසින් මේ බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට නිලවශයෙන් දන්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර අවස්ථා එනම් 1992, 2008, 2012 යන වසරවලදී ඔලිම්පික් උළෙල පැරීසියට ලබාගැනීමට ප්‍රංශය උත්සාහ කලද එම උත්සාහයන් සාර්ථක වුයේ නැත.

එළැබෙන 2016 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට බ්‍රසීලයේ රියෝද ‍ජෙනැයිරෝ නගරය සූදානම් වන අතර 2020 වසරේ ඔලිම්පක් උළෙල ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වීමට තීරණය වී තිබේ. මේ අනුව 2024 ඔලිම්පික් උළෙල පැරීසියට ලබාගැනීමට හැකිවේ දැයි ප්‍රංශ ජනතාව අපේක්ෂා දල්වාගෙන සිටී.

මීට වසර සීයයකට පෙර එනම් 1924 වසරේද පැරීසියේ ඔලිම්පික් උළෙලක් පවත්වා ඇත. මෙවර ඔවුන්ට එම අවස්ථාවල ලබාගතහැකි වුවහොත් එය ප්‍රංශයට සියවස් සමරු ඔලිම්පික් උළෙලක්වනු ඇත.

Leave a Reply