ගෙවුණු මාස 06ට ඒඩ්ස් වැළඳුණු පාසල් සිසුන් 23ක්

hiv-aids

පසුගිය වසර සඳහා එච්අයිවී /ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වූ පාසල් සිසුන් ගණන 22ක් වෙද්දී මේ වසරේ ගතවූ මාස 06ට පමණක් පාසල් සිසුන් 23 දෙනෙකු ඊට ගොදුරු වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ දිවයින පුවත්පතට පවසා තිබේ.

මෙහිදී ඔහු පවසා තිබුණේ සිසුන් අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් මෙලෙස එච්අයිවී /ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වී ඇති බවත් මෙලෙස රෝගී වන සිසුන් ගණන වර්ෂයෙන් වර්ෂය ඉහළ යැමේ අවදානමක්‌ පවතින බවත්ය.

මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්‌වා කාලය තුළදී දිවයිනෙන් එච් අයි වී/ ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවූවන් 100 දෙනකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය එනම් සියයට 65 ක්‌ පිරිමින් වන බව ද වෛද්‍ය ලියනගේ ප්‍රකාශ කර තිබේ.

මෙම ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූවන්ගෙන් බහුතරය වයස අවුරුදු 25 ත් 49 ත් අතර වයස්‌ කාණ්‌ඩයට අයත් වන බව ද හෙතෙම මෙහිදී වැඩිදුරටත් අනාවරණ කර තිබේ.

Leave a Reply