කිලිනොච්චිය, උරුදිපුරම් ගම්මානයේදි පසුගිය 21 දා සවස අතුරුදහන් වූ අවුරුදු 3 ක් වයසැති දැරිය මේ දක්වා හමු වී නොමැත.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ උරුදිපුරමි, ප‍්‍රදේශයේ පදිංචිව සිටි උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරියකි.
තමන් අදාල දැරිය සමඟ නිවස අසළ පිහිටි ඇළක දිය නෑමට ගිය බවත්, දැරිය නෑවීමෙන් අනතුරුව අසල්වාසියෙකු සමඟ නිවස වෙත පිටත් කළ බවත් දැරියගේ මව විසින් කිලිනොච්චි පෙලීසියට දන්වා ඇත.
දැරියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දැරියගේ මවගේ ප‍්‍රකාශයන් මත සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බවද කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
දැරිය සොයා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට අමතරව උරුදිපුරම් ගම්වාසීන්ද ප‍්‍රදේශයේ පාලු ඉඩම් හා නිවාස මෙන්ම වැව් ඇල මාර්ග වලද සෝදිසි කිරීම් සිදු කරමින් සිටිති.
