ෆොන්සේකාගේ පෙත්සම ප්‍රතික්ෂේපයි – මන්ත්‍රී ධූරය නෑ

Sarath-Fonseka

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය යළි ලබාදෙන ලෙසට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන තිබෙන්නේ අදාළ පෙත්සම අද(18) දින විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ අතර පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධූරය යළි ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

සරත් ෆොන්සේකාගේ ලේකම් සේනක ද සිල්වා විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ වන විට සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබා දී තිබෙන බැවින් අහිමි වූ මන්ත්‍රී ධූරය යළි හිමි විය යුතු බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබූ අතර ඔහු ඉල්ලා තිබුණේ ඒ හේතුවෙන් සරත් ෆොන්සේකාගේ මන්ත්‍රී ධූරය යළි ලබාදෙන මෙන් පාර්ලිමේන්තු ලේකම්වරයාට නියෝග කරන ලෙසයි.

කෙසේ වෙතත් එම පෙත්සමට මූලික විරෝධතාවක් මතුකරමින් නීතිපතිවරයා පෙන්වා දී තිබුණේ එවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට සේනක ද සිල්වාට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් පෙත්සම තුළ අන්තර්ගත කරුණු වලද කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් ය.
එබැවින් එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන මෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව එම ඉල්ලීම පිළිගනිමින් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය විභාගයට තීරණය කර තිබුණි.

Leave a Reply