ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සිදුකළ හොත් එය සුළු පක්ෂ නියෝජනය කරන ජනතාවට සිදුකරන අසාධාරණයක් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පවසයි.
ඊයේ (23) කැකිරාවේ පැවති එම පක්ෂයේ ආසන සංවිධායක රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැමති කැඳ හැලිය ජනතාව අපේක්ෂා නොකළ බවත් ජනතා අපේක්ෂාව වූයේ කුඩු කාරයන්, එතනෝල් කාරයන්, බොරු කාරයන් පාර්ලිමේන්තුවට ඒම වැලැක්වීම වුවත් මෙම සංශෝධනය හරහා එම ජනතා අපේක්ෂාවන් ඉටු නොවී සුළු පක්ෂ නියෝජනය කරන ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්හ.
පසුගිය මැතිවරණයේදී තම පක්ෂයට ඡන්ද ලක්ෂ 07ක්ද ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ලක්ෂ 05ක්ද ජාතික හෙළ උරුමයට ඡන්ද ලක්ෂ 02ක්ද යනාදී වශයෙන් සුළු පක්ෂ සඳහා ඡන්ද ලක්ෂ 25 ක් පමණ ලැබුණ බවත් එම ජනතාවට මෙහිදී අසාධාරණයක් සිදුවන බවත් සරත් ෆෙන්සේකා මෙහිදී ප්‍රකාශ කළේය.
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ හොත් ප්‍රධාන පක්ෂ දෙක පමණක් බලයට පැමිණෙන බවත් එසේ වුවහොත් මෙම රටට නැවතත් කණකොකා හඬන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මෙහිදී වැඩිදුරටත් පැවසීය.