මාස 5ට ඩෙංගු රෝගීන් 56,000යි.
Posted on 06.05.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 56,000ක් පමණ වාර්ථා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටී. ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව 12,610ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, දෙවනුවට රෝගීන් 8,342ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද වාර්ථා වී ඇත. ඉන් පසු වැඩිම රෝගීන් පිරිසක් වාර්ථා වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ඒ රෝගීන් 4,256කි.
මෙම අවදානම ඉදිරියේදී තවත් වැඩි වීමට නියමිත බව බොහෝ පාර්ශව විසින් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබුණි. පසුගිය මැයි මාසයේ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2,994ක් වාර්ථා වීමෙන් එය මානව තහවුරු වේ.
තත්වය මෙලෙස පවතින විට පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවට චෝදනා කරමින් පවසා සිටියේ රජයේ රෝහල් තුළ ඩෙංගු රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖශධයක හිඟයක් ද පවතින බව ය.