ජීවිත විතරක් නොව, රුපියලත් පල්ලම් බැහැලා!

ලංකා රුපියල, 2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.8% ක් අවප්‍රමාණය වී ඇති බව මහබැංකු සංඛ්‍යාලේඛන වාර්තා කරයි.

එම වාර්තා අනුව, 2016 වසර අවසානයේ සිට 2017 මැයි මස 23 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ලංකා රුපියල තවදුරටත් 1.8% ක අවප්‍රමාණවීමක් වාර්තා කර තිබේ. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මැයි මස 23 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව 8.0% කින් ද, ඉන්දියානු රුපියලට එරෙහිව 6.7% කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව 7.1 කින් ද පසුබැස ඇත. එසේම ජපන් යෙන්වලට එරෙහිව 6.2% කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව 5.1% කින්  සහ කැනේඩියානු ඩොලරයට එරෙහිව 1.7% කින් ද රුපියල අවප්‍රමාණ වී ඇත.

Leave a Reply