සාලාව පුපුරා වසරයි – තවමත් වන්දි ගෙවා නෑ.

සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා අද(05) දිනට වසරක් ගත වී තිබියදීත් විපතට පත්වූවන්ට මෙතෙක් නිවැරදිව වන්දි ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ජනතාව චෝදනා කරයි.

මෙම පිපිරීමෙන් පවුල් 2000කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාර ස්ථානද පූර්ණ සහ අර්ධ වශයෙන් හානියට ලක් වීය. මෙම හානිය නිවැරදිව තක්සේරු කර නොමැති බවත් පවතින ගැටළු වලට විසදුම් ලබා දීම වෙනුවට ආණ්ඩුව විසින් ඒවා මඟහරිමින් සිටින බවත් ඔවුන් පවසයි.

Leave a Reply