සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යංශය පවත්වන අපදා කමිටු රැස්වීමේ සාමාජිකත්වයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සියල්ල ඉවත් කර ඇති බව වාර්තා වේ.
මේ වන විට අදාළ තීරණය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තම සංගමයට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ ඩෙන්ගු රෝගය සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් හිඟය පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.
මෙම ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අදාළ ඖෂධය කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම පවසා ඇත.