හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය, ලබානොදෙන බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීම හෝ ජාතික ලැයිස්තුවට යෝජනා කිරීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිදුනොකිරන බවට වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
ඔහු මේ පිළිබද පවසා සිටියේ අද (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එමෙන්ම ඊයේ දිනයේදී සාමාජිකයින් සය දෙනෙකුගෙන් යුතු කමිටුව ඉහත කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් එහිදී අදාළ කරණු සඳහා වත්මන් ජනාධිපතිවරයා එකඟ නොවූ බවත් එම අවස්ථාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසීය.