මෙ වසරේ මුල් මාස 04ට රුපියල් බිලියන 700ක් ණය වෙලා

ravi-karunanayake

මේ වසරේ පළමු මාස 04ට රජය විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් මිලියන 684,253.41ක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

භාණ්ඩාගාර බැදුම්කර ලෙස රුපියල් මිලියන 311,706.85ක්ද, භාණ්ඩාගාර බිල්පත් ලෙස රුපියල් මිලියන 83,605.89ක්ද, ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලෙස රුපියල් බිලියන 113,589.65ක් ද, ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 8,238.02ක්ද දේශීය වශයෙන් ලබාගෙන තිබේ.

විදේශීය වශයෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් මිලියන 158,049.36 ක් වේ.

Leave a Reply