අප්‍රේල් මස 8 සහ 9 දිනවල පිලිපීනයේ මැනිලා නගරයේ පැවැත්වුනු 8වන ආසියා – ෆැසිෆික් කියුබානු සහයෝගිතා සමුලුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් නුවන් බෝපගේ සහෝදරයා සහභාගී විය. එම සමුලුව අමතමින් බෝපගේ සහෝදරයා සහයෝගිතා දේශනයක් පැවැත්වූ අතර කියුබාවට එරෙහිව අධිරාජ්‍යවාදීන් විසින් පනවා ඇති ආර්ථික සම්බාධක වලට එරෙහිව ජාත්‍යන්තර පරිමාණයේ ජන බලයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි.


